Gossips

ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා ජනපති හමුවේ

මෙරට සංචාරයක නිරත ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බීපින් රාවට් අද (18) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.
ජනාධිපති නිළ නිවසේදී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා මෙහිදී සදහන් කර ඇත්තේ කලාපීය ආරක්ෂාව සඳහා දෙරටේ බුද්ධි තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවයි.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ඉන්දීය හමුදාවේ සහය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.