Gossips

ඉන්දීය සිසුවෙකු අයර්ලන්තයේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් මරු දකී

අයර්ලන්තයේ ඩබ්ලින් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉන්දියානු සිසුවෙකු එරට මුහුද ආසන්න කඳුගැටයකදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් මුහුදට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එම සිසුවා බේරාගැනීම සඳහා අයර්ලන්ත පොලීසිය හෙලිකොප්ටර් යානයක්ද යෙදවූ අතර ගොඩගෙන රෝහල් ගතකරන විටද ඔහු මියගොස් ඇති බව සඳහන්.
සංචාරකයන් අතර ප්‍රකට ක්ලෙයාර් ප්‍රදේශයේදී ඉන්දීය සිසුවා මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර ඉන්දියාවේ ඔඞීෂා ප්‍රාන්තයේ දිය ඇල්ලක් අසළ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය ඉන්දියානු සිසුවෙකුද පසුගිය දෙසැම්බර් 30 වනදා ජීවිතක්ෂයට පත්වුණා.
සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය සිදුකළ අධ්‍යයනයක අනුව පසුගිය වසර 6 තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ලොවපුරා මියගිය සංඛ්‍යාව 260 කට ආසන්නයි.
ඉන් බහුතරයක් ඉන්දියානුවන්.