බහුතරය පෙන්වා විශ්වාසය තහවුරු කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද කර්ණාටක මහඇමති බී.එස්.යෙදුයුරප්පා නියෝග කළා.
ඒ, නරේන්ද්‍ර සිං මෝදිගේ භාරතීය ජනතා පක්ෂ නියෝජිතයා මහඇමති ධුරයේ දිවුරුම් දී පැය 24ක් ඇතුළතයි.
ඔහුට බහුතරය පෙන්වීමට දින 15ක කාලයක් පැවතුණ ද බී.එස්.යෙදුයුරප්පාගේ පත්වීමට එරෙහිව කොංග්රස් පක්ෂය සහ ජනතා දාල් පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමකට අනුව මෙම කාලය පැය 24කට අඩු කර තිබෙනවා.
ඒ අනුව හෙට පස්වරු 4ට කර්ණාටක ප්‍රාන්ත සභාවේ ඔහුගේ පත්වීම පිළිබදව විශ්වාසය පළ කිරීමේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති.
පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට ආසන 104 ක් හිමිවූ අතර, කොංග්රස් පක්ෂයට ආසන 78 ක් සහ ජනතා දාල් පක්ෂයට ආසන 38 ක් හිමිවුණා.
කොංග්රස් පක්ෂය, ජනතා දාල් පක්ෂය සමග එක්ව ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වුවත්, විශාලතම පක්ෂය ලෙස ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුකාරවරයා විසින් ආරාධනා කළේ භාරතීය ජනතා පක්ෂයටයි.
ඒ අනුව එහි මහඇමති ධුර අපේක්ෂක බී.එස්.යෙදුයුරප්පා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.