Gossips

ඉන්දීය ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කරයි

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට එක්වන ඉන්දීය සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට දිනේෂ් කාර්තික් සහ තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් එක්කර තිබෙනවා.
සුපුරුදු පරදි මෙම සංචිතයේ නායකත්වය හිමව ඇත්තේ විරාට් කෝලිටයි.
විරාට් කෝලි, රෝහිත් ශර්මා, ශිකර් ධාවන්, ලෝකේශ් රාහුල්, විජේ ශංකර්, මහේන්ද්‍ර සිං දෝණි, කේදර් ජාදෙව්, දිනේෂ් කාර්තික්, යුශ්වේන්ද්‍රා චාහල්, කුල්දීප් යාදෙව්, බුවනේශ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා, හර්දික් පාණ්ඩයා, රවීන්ද්‍ර ජඩේජා, මොහොමඩ් ශමි ලෝක කුසලාන ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයින්.