Gossips

ඉන්දීය රුපියල කඩා වැටේ

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය අද වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ඩොලරයක් සඳහා ඉන්දීය රුපියලේ විනිමය අනුපාතිකය අද සටහන් වන්නේ රුපියල් 69 යි ශත 13 ක් ලෙසයි.
ඩොලරයට සාපේක්ෂව චීනයේ යුවාන් විනිමය අගය පහත වැටීම මෙලෙස ඉන්දීය රුපියල පහත වැටීමට හේතුවක් ලෙස සැලකෙනවා.
ඉන්දීය රුපියල පමණක් නොව සියලූම ආසියානු විනිමය ඒ අනුව ඩොලරයට සාපේක්ෂව පහත වැටෙනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා රුපියල ද මේ වසරේදී මේ වනවිට සියයට 4කින් පමණ පහත වැටී තිබෙනවා.