ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේ්ෂ් සේනානායකගේ ආරාධනයකට අනුව ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා සතියක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිත බවයි යුද හමුදා ඒකකය ප්‍රකාශ කළේ.
මෙරට සංචාරයේදී ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුණගැසීමටද නියමිතයි.
එසේම ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාමසාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට නියමිත බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
