Gossips

ඉන්දීය මහ මැතිවරණයේ දෙවන අදියර ඇරඹේ

ඉන්දීය මහ මැතිවරණයේ දෙවන අදියර මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එරට වාර්තා සඳහන් කළේ මහ මැතිවරණයට අදාලව තමිල්නාඩුව ඇතුලු ප්‍රාන්ත 13 ක අද දෙවන අදියරයේ ඡන්ද විමසීම සිදු කරන බවයි.
ලෝක් සභාවේ ආසන 543 ක් සඳහා පැවැත්වෙන මෙම මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට නම් අවම වශයෙන් මන්ත්‍රී ආසන 272 ක බහුතරයක් ලබාගත යුතුයි.
ඡන්දය ගණන් කිරීමේ කටයුතු මැයි 23 වනදා සිදු කෙරෙනවා.
අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය ලොව විශාලතම ඡන්දදායකයන් පිරිසක් සහභාගිවන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙසයි සැළකෙන්නේ.