Gossips

ඉන්දීය මහ මැතිවරණයට තමිල්නාඩුවේ සිනමා නළු සටනක්

කොලිවුඩ් පුරයේ ප්‍රවීන සිනමා නළු කමල් හසන් ලබන වසරේ ඉන්දීය ලෝක් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව අද ප්‍රකාශයට පත් කළා.
ඒ සඳහා සම අදහස් දරන කණ්ඩායම් සමඟ සන්ධානගත වීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම, තමිල්නාඩුවේ අනන්‍යතාව පිටු දකින කිසිදු දේශපාලන කණ්ඩායමක් සමඟ එක් නොවන බවද ඔහු අවධාරණය කළා.
ඒ අනුව ඔහු විසින් පිහිටුවා ගත් ජනතා යුක්ති මධ්‍යස්ථානය යන අරුත් ඇති මක්කල් නීදි මයියම් පක්ෂයෙන් ලබන වසරේ මහ මැතිවරණයට තරඟ වදිනු ඇති.
ඔහු මෙන්ම තමිල්නාඩුවේ සුපිරි සිනමා නළු රැජිණි ඛාන්ත් ද තමාගේම දේශපාලන පක්ෂයකින් 2019 මහ මැතිවරණයට ඉදිරිපත් වන බව මීට පෙර ප්‍රකාශ කළා.
ඔවුන් දෙදෙනාම මුත්තුවේල් කරුණානිධි සහ ජයලලිතා ජයරාම්ගේ අභාවයන්ගෙන් හිස් වූ තමිල්නාඩු දේශපාලන රික්තකය පිරවීමට අපේක්ෂා කරන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.