Gossips

ඉන්දීය මහ මැතිවරණයට අද දින නියම කෙරේ

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් පාලන බලය අපේක්ෂා කරන ඉන්දීය මහ මැතිවරණය හෙවත් ලෝක් සභා මැතිවරණය සඳහා අද දින නියම කෙරෙනවා.
මැතිවරණ කොමිසම මගින් අද පස්වරු පහට ලෝක් සභා මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
ලෝක් සභාවේ ආසන 543 ක් සඳහා මැතිවරණ මැයි මාසය වනවිට පැවැත්විය යුතු අතර, වත්මන් ලෝක් සභාවේ නිල කාලය ජූනි 3 වනදා අවසන්වීමට නියමිතයි.
2014 වසරේ පැවති අවසන් ඉන්දීය මහ මැතිවරණයේදී නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 282 ක් ලබාගත් අතර, ඔහුගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට හිමිවූ ආසන සංඛ්‍යාව 336 ක්.
ඉන්දීය පාර්ලිමේන්තුව හෙවත් ලෝක් සභාවේ බහුතරය සඳහා ආසන 272 ක් ලබාගත යුතුයි.
අවසන් මහ මැතිවරණයේදී ගාන්ධිවරුන්ගේ කොංග්‍රස් පක්ෂයට හිමිවූයේ ආසන 44 ක් පමණයි.