Gossips

ඉන්දීය මහකොමසාරිස් විපක්ෂ නායකවරයා හමුවෙයි

ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.
ඒ විපක්ෂ නායකවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදීයි.
එම හමුවේ මූලික අරමුණ වී ඇත්තේ මේවන විට ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින අර්බුධය පිළිබඳ විපක්ෂ නායකවරයා වෙත කරුණු පැහැදිළි කිරීමයි.
ඉන්දියාව පකිස්ථානය සමග දේශපාලනමය හෝ ආර්ථික වශයෙන් හෝ කිසිදු ගැටළුවක් නොමැති අතර ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීම පමණක් තම අරමුණ බවයි මෙහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා කියාසිටියේ.
තම පාලන කාලය තුල ඉන්දීය රජය විසින් සාම්පූර් ගල් අගුරු බලාගාරයක් අනුමත කිරීම පිළිබඳව විපක්ෂ නායකවරයා මෙහිදී ඉන්දීය රජය වෙත ප්‍රසාදය පළකර තිබෙනවා.