Gossips

ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාවේ ප්‍රධානී ආලෝක් වර්මා යළි ඉවතට

ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාවේ ප්‍රධානී ආලෝක් වර්මා, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් තනතුරෙන් ඉවත්කර තිබෙනවා.
ඒ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු බලයේ පිහිටුවා පැය 48 ක් පමණක් ගතවී තිබියදියි.
තුන්දෙනෙකුගෙන් යුත් කමිටුවේ දෙදෙනෙකු ආලෝක් වර්මා තනතුරෙන් ඉවත් කළ යුතු බව තනතුරන් ඉවත් කළ යුතු බව ප්‍රකාශ කළ අතර, විපක්ෂ කොංග්‍රස් පක්ෂය නියෝජනය කළ මල්ලිකාර්ජුන් කාර්ගේ පමණක් ඊට එරෙහිවී තිබෙනවා.
කෙසේ නමුත් ඉන්දීය ඔත්තු සේවා ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ තමන් ව්‍යාජ සහ තහවුරු නොකළ චෝදනා මත තනතුරෙන් ඉවත් කර ඇති බවයි.