ආසියානු කුසලානයේ හොංකොං කණ්ඩායම සමඟ ඩුබායි හි පැවති තරඟය ලකුණු 26කින් ඉන්දියාව ඊයේ සමත් වුණා.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 285ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං කණ්ඩායමට නියමිත පන්දු වාර 50 අවසානයේදී ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 259ක් පමණයි.
ඉන්දියාව සහභාගි වන දෙවන තරඟය පාකිස්තානය සමඟ අද පැවැත්වීමට නියමිතයි.
