Gossips

ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී නියමුවා ජීවිතක්ෂයට

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජගුවර් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් ගුජරාට් ප්‍රාන්තයේ කුච් ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා.
ගවයින් සඳහා සකස් කළ තණබිමකට මෙලෙස යානය කඩා වැටී ඇති අතර, එහි නියමුවා ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ද පසුගිය දා ඇසැම් ප්‍රාන්තයේ මාජුලි දිවයිනට කඩා වැටී නියමුවන් දෙදෙනෙකු මිය ගියා.