නීතිවිරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු ශ්‍රී ලංකාවට උතුරු මුහුදු තීරයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් පැමිණි ටෝලර් යාත්‍රා 3 ක්ද සිය භාරයට ගත් බවයි.
පසුව ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට ද ලක් කර ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලීසියට භාර දී තිබෙනවා.
වසරේ මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවූ ඉන්දීය ධීවරයින් 31 දෙනෙකු සහ යාත්‍රා 5 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
(ඡායාරූප – වවුනියාව දිනසේන රතුගමගේ )
