මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදාව අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ ඩෙල්ෆ්ට් මුහුදු තීරයේදී යාත්රා 2 ක් සමඟ මෙම ඉන්දීය ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් අද දිනයේ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ යාපනය කාර්යාලයට භාරදෙන බවයි වාර්තාවන්නේ.