මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු යළි එරටට භාරදීම ඊයේ (20) සිදු කෙරුණා.
කන්කසන්තුරේට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී නාවික හමුදාවේ සහය ඇතිව මෙය සිදු කෙරුණු බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
එමෙන්ම එහිදී ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනකුද මෙරටට භාරදී තිබෙනවා.
ඒ සඳහා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රා 03 ක් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රාවක්ද එක්ව තිබෙනවා.
ඉන්දියානු ධීවරයින් පිරිස එරට වෙරළාරක්ෂක බලකායේ අතුල්යා සහ රාණි – දුර්ගාවතී නෞකා වෙත භාරදීමට පියවර ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.
