Gossips

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදේ දී ප්‍රකෝපකාරී වෙයි

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් අනවසරයෙන් ඇතුළු වන ඉන්දීය ධීවරයින් ප්‍රකෝපකාරීව සහ අනතුරුදායක ලෙස කටයුතු කිරීම නිසා නාවික හමුදාවට අයත් යාත්‍රාවලට හානි සිදුවී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් කළේ එම ධීවරයින් නාවික හමුදා යාත්‍රාවලට අලාභ හානි සිදුකොට පළා යාමට කටයුතු කර ඇති බවයි.
එමෙන්ම පසුගිය කාලවකවානුව තුළ ඉන්දීය ධීවරයින් මෙරට ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ට සහ ඔවුන්ගේ ආම්පන්නවලට ද හානි සිදුකර තිබුණා.
පසුගිය දින කිහිපය තුළම ඩෙල්ෆ් දූපතට ආසන්නයේ ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඉන්දීය ධීවර යාත්‍රා 500කට වැඩි පිරිසක් පැමිණ තිබූ බවටයි නාවික හමුදාව සඳහන් කළේ.
එලෙස පැමිණි ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කර තිබුණා.