මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී යාත්‍රා දෙකක් සහ කච්චතිව් දුපත ආසන්නයේදී තවත් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනුනු බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
ඉන්දීය ධීවරයන් පිරිස වෛද්‍ය පරීක්ෂණයකින් පසු නීතිමය පියවර සඳහා යාපනය සහකාර ධීවර අධ්යක්ෂවරයා වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.