Gossips

ඉන්දීය ජෙට් එයාර්වේස් නියමුවන් වර්ජනයකට සැරසේ

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදෙන ඉන්දීය ජෙට් එයාර්වේස් ගුවන් සේවයේ නියමුවන් සහ ඉංජිනේරුවන් වර්ජනයකට සූදානම් වන අතර, අවසන් සාකච්ඡාව සඳහා අද කළමනාකාරීත්වය හමුවීමට නියමිතයි.
මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ඉන්දීය රාජ්‍ය බැංකුවෙන් රුපියල් කෝටි 1500 ක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන්ද ගුවන් සේවයේ අවධානය යොමු වී තිබෙනවා.
ඉන්දියාවේ ජාතික ගුවන් සේවා සංසදය රජයෙන් ඉල්ලා සිටියේ ජෙට් එයාර්වේස් බංකොලොත් වීම වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙසයි.
එසේ නොමැති වුවහොත් එය දැන් ආරම්භ වී ඇති මැතිවරණයටද බලපෑමක් කළ හැකි බව ඔවුන්ගේ අදහසයි.
ගුවන් සේවය බංකොලොත් වුවහොත් 20,000 කට අධික පිරිසකට රැකියා අහිමි වනු ඇති.