Gossips

ඉන්දීය ජාතිකයින් 31 දෙනෙකු අත්අඩංගුවට

සංචාරක වීසා මත මෙරට රැදී සිටිමින් රැකියාවල නිරතව වූ ඉන්දීය ජාතිකයින් 31 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් අද (14) උදෑසන කොළඹ ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් රෙදි වෙළඳාම් කිරීම, පෙදරේරු වෘත්තීය සහ තවත් සුළු රැකියා කිහිපයක නිරතව සිට ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
නීතිමය කටයුතු සිදුකිරීමෙන් පසු මොවුන් යලි ඉන්දියාව වෙත යැවීමට කටයුතු කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.