මෙරට මුහුදු සීමාව සිතියම්ගත කිරීමේ ඒකාබද්ධ වැඩසටහනට එක්වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ජමුනා නෞකාව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු තීරයේ සමීක්ෂණ කටයුතු අවසන් කර තිබෙනවා.
ඉන් අනතුරුව ජමුනා නෞකාව ඊයේ ගාල්ල වරායට සේන්දු වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
පසුගිය දෙසැම්බර් 20 වන දා සිට මෙරට මුහුදු සීමාව සිතියම්ගත කිරීමේ ඒකාබද්ධ වැඩසටහනට මෙම නෞකාව එක්වුණා.
ඊයේ ගාල්ල වරායට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ජමුනා නෞකාව සාම්ප්‍රදායානුකූලව නාවික හමුදාව විසින් පිළිගෙන තිබෙනවා.
