Gossips

ඉන්දීය ජනරජ දිනයට පැමිණීම ඇමරිකානු ජනපති ප්‍රතික්ෂේප කළ බව හෙළිවේ

මෙවර ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන්නැයි ඉන්දියාව කළ ඉල්ලීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති බව දැන් අනාවරණ වනවා.
පසුගිය අගෝස්තු 15 වනදාට යෙදී තිබූ ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් එලෙස පැමිණෙන්නැයි ආරාධනා කර තිබුණේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්.
2015 වසරේ ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහභාගිවූ අතර, එම වසරේ දෙවතාවක් ඔහු ඉන්දියාවට පැමිණියා.