Gossips

ඉන්දීය ජනරජ දිනයට ජනපති ට්‍රම්ප්ට ආරාධනා

ලබන වසරේ ඉන්දීය ජනරජ දින පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට වසරකට පමණ පෙර ඇමරිකාවේ චාරිකාවක නිරත වෙමින් ධවල මන්දිරයේ දී ජනපති ට්‍රම්ප්ට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනාවක් කර තිබුණා.
ඉන් අනතුරුව මීට මාස කිහිපයකට පෙර ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මෝදි, ජනපති ට්‍රම්ප්ට ආරාධනාවක් යවා ඇති බවයි ඉන්දීය පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.
කෙසේ නමුත්, මේ පිළිබදව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අදහස් පළ කර නැහැ.