ඕස්ට්‍රේලියාවේදී ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් ලැබූ ඉන්දීය පිළේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් දෙදෙනෙකු විනය නීති උල්ලංගණය කිරීමේ චෝදනා මත යළි ඉන්දියාවට කැදවා තිබෙනවා.
හාර්දික් පාණ්ඩ්‍යා සහ ලෝකේෂ් රාහුල් යන ක්‍රීඩකයන් දෙදෙනා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් මෙලෙස යළි කැදවා ඇත්තේ ඔවුන්ට සියළුම ආකාරයේ ක්‍රිකට් තරඟවල නියැලීමේ තහංචියක් ද පනවමින්.
පාණ්ඩ්‍යා සහ රාහුල් ඉන්දීය ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකට ලබාදුන් මතභේදකාරී ප්‍රකාශ ඔවුන්ට එරෙහිව මෙලෙස විනයානුකූල පියවර ගැනීමට හේතු වී තිබෙනවා.
