Gossips

ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරඟයට

ඉන්දියාව සහ බංගලාදේශය අතර නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තීරණාත්මක තරඟය ලකුණු 17 කින් ජයගැනීමට ඉන්දියාව සමත් වූවා.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 3 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 176ක්.
ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාගේ ලකුණු 89 ක සුපිරි ඉනිමත් රයිනාගේ ප්‍රවේගකාරී ලකුණු 47 ක ඉනිමත් ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව හැඩකළා.
පන්දු යැවීමේදී බංගලාදේශය වෙනුවෙන් Rubel Hossain පන්දුවාර 4 කදී ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Tamim Iqbal එක් අන්තයක හුදෙකලා වෙද්දී සෙසු පිතිකරුවන් එකපෙළට යළි හරවා යවන්න ඉන්දීය කණ්ඩායමේ සුපිරි පන්දුයවන්නන් සමත් වීම කැපී පෙනුනා.
කෙසේ වෙතත් නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බොහෝදෙනෙකුගේ අවධානය දිනාගත් මුෂ්ෆිකර් රහීම් ගේ පිතිකරණය වෙත සියල්ලන්ගේ අවධානය යොමුවූවා.
බංගලාදේශය එක් අවස්ථාවක ජයග්‍රහනයේ මාවතට යළි ගෙනඒමට ඔහු සමත් වුවද අනෙක් අන්තයෙන් මනා සහයෝගයක් නොලැබීම හේතුවෙන් ඔහුගේ එම උත්සාහය ව්‍යර්ථව ගියා.
තරඟය නිමවන තුරු නොදැවී කඩුල්ලේ රැඳී සිටි මුෂ්ෆිකර් රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 72ක්.
පන්දු 55කට මුහුණදුන් ඔහු සිය ආරක්ෂාකාරී ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 8ක් ඇතුලත් වුනා.
ඉන්දීය පන්දුයවන්නන්ගේ බලඇණිය අසරණ කළ ඔහුගේ ආක්‍රමණශීලී පිතිකරණය විචාරකයින්ගේ විශේෂ ඇගයීමකට ලක්වූවා.
කෙසේ වෙතත් අවසානයේ ජයග්‍රණය හිමිවූයේ ඉන්දීය කණ්ඩායමටයි.
ඒ අනුව නිදහස් කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම මේ වනවිට සමත්ව තිබෙනවා.
ක්‍රිකට් පිටිය මවිතකළ අපූරු සිදුවීම් රැසකින් සමන්විත වූ ඊයේ තරඟයේ සුවිශේෂ අවස්ථා සියල්ල පහතින්.
rnrn
rnrn
rnrn