දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා කොළඹ දී ඊයේ පැවති ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා සංවාදයට එක්වූ බව ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශ කළා. 
ඔහු දිවයිනට පැමිණියේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ආරාධනයෙන්. 
2012 වසරේදී ආරම්භ වූ වාර්ෂික ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදය මෙවර පැවැත්වුණේ 6 වන වරටයි. 
ඊයේ පැවති සංවාදයේදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතා පිළිබද පූර්ණ ඇගයීමක් සිදුකෙරුණු අතර, නව අංශ කෙරෙහි එය ව්‍යාප්ත කිරීම පිළිබදව අවධානය යොමු වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.



