ඉන්දියාව විසින් සිදුකරන ඕනෑම ආක්‍රමණයකදී තීරණාත්මක සහ පරිපූර්ණ ප්‍රතිචාරක් දැක්වීමට පාකිස්තානය සූදානම් බව එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඒ සඳහා පාකිස්තාන ආරක්ෂක හමුදා වෙත පූර්ණ බලතල පවරා ඇති බවයි.
ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ කාශ්මීරයේ පුල්වාමා ප්‍රහාරයට පාකිස්තානය කවරාකාරයකින් හෝ සම්බන්ධ නොමැති බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කළා.
ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකින් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කළ ඔහු කියා සිටියේ එය කාශ්මීරය තුළම සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති ප්‍රහාරයක් බවයි.
කෙසේ නමුත්, පාකිස්තානය කේන්ද්‍ර කොට ගත් ජයිෂ් – ඉ – මොහොමඞ් ත්‍රස්ත කල්ලිය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව, පාකිස්තානය වෙත ඍජුවම චෝදනා එල්ල කරනවා.