ඉන්දියාවේ අගවිනිසුරු දීපක් මිස්රාට එරෙහිව එරට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 71 දෙනෙකුගේ අත්සන් සහිත දෝෂාභියෝගයක් ඊයේ (20) භාරදී තිබෙනවා.
විපක්ෂයේ දේශපාලන පක්ෂ 7 ක සාමාජිකයන් අත්සන් කළ එම දෝෂාභියෝගය භාරදී ඇත්තේ ඉන්දීය රාජ්‍ය සභාවේ සභාපතිවරයා වන උප ජනාධිපති වෙන්කයියා නායිදු වෙතයි.
සංවේදී නඩු තීන්දු ලබාදීම, තෝරා ගත් විනිසුරුවරුන් පිරිසක් වෙත පමණක් පැවරීමට අගවිනිසුරුවරයා කටයුතු කර ඇති බවටයි විපක්ෂය චෝදනා නගන්නේ.
කෙසේ නමුත්, මෙම දෝෂාභියෝගයට තමා අත්සන් නොතිබූ බව කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ප්‍රකාශ කළා.
