Gossips

ඉන්දීය අගමැති මෝදි, අප්‍රිකානු සංචාරයකට සැරසේ

විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගය ජය ගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉදිරි සතියේ අප්‍රිකානු රටවල් 3ක සංචාරයක් සඳහා නික්මෙනවා.
රුවන්ඩාවේදී ද්වි පාර්ශවික ආරක්ෂක සහයෝගීතාවකට එළඹෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව උගන්ඩාවේ සංචාරය කරන අතර, දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට ද සහභාගිවීමට නියමිතයි.
රුවන්ඩාවේදී අග්‍රාමාත්‍ය මෝදි එරට ආදර්ශ ගම්මානයකට කිරි ගවයන් 200ක් ද පරිත්‍යාග කරන බව සඳහන්.
දකුණු අප්‍රිකානු බ්‍රික්ස් සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී – ජින්පින් ද මුණ ගැසෙනු ඇති.