ප්‍රංශයෙන් රෆාල් ප්‍රහාරක ජෙට් යානා 36ක් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට විපක්ෂයෙන් චෝදනා එල්ල වනවා.
ඒ, ඇමරිකානු ඩොලර් බිලියන 8.7ක් වටිනා මෙම ගනුදෙනුවේදී දේශීය සහකරු තෝරා ගැනීමට ඉන්දීය රජය මැදිහත් වූ බවට ප්‍රංශයේ හිටපු ජනාධිපති ෆ‍්‍රාංශුවා හොලාන්ඩ් සිදුකළ හෙළිදරව්වකින් අනතුරුවයි.
රුසියානු ප්‍රහාරක යානා ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීමේ දිගුකාලීන පළපුරුද්දක් සහිත හින්දුස්ථාන් ඒරොනොටික්ස් සමාගම වෙනුවට ප්‍රංශ ජෙට් යානා නිපදවීමේ දේශීය සහකරු ලෙස 2016 වසරේ සිදුවූ ගනුදෙනුවේදී තෝරා ගැනුණේ අම්බානිවරුන්ගේ රිලායන්ස් සමූහයයි.
විනිවිදභාවයකින් තොරව සිදුවූ මෙම ගනුදෙනුව හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ඉන්දීය කොංග්‍රස් පක්ෂය බල කර සිටිනවා.
සිද්ධිය හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයාට ස්තූතිය පළ කරන බව කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි කියා සිටියා.
