Gossips

ඉන්දීය අගමැති ඝාතන සැලැස්මක් හෙළිවේ

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කළ ආකාරයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබදව එරට පොලීසියට තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ, මා ඕවාදී සටන්කාමීන්ගේ කණ්ඩායමක සාමාජිකයෙකු සතුව තිබී හමුවූ ලිපියකින්.
ඔහු පසුගිය ජනවාරි මාසයේ සිදුවූ කුලවාදී ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව නවදිල්ලියේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පොලීසිය මෙම තොරතුරු ඇතුළත් ලිපිය සොයාගෙන තිබෙනවා.
ඝාතන සැලැස්මට අවශ්‍ය ආයුධ ලබාගැනීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 8ක මුදලක් අවශ්‍ය බව ද එහි දැක්වෙන බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළා.