Gossips

ඉන්දියා – බංග්ලාදේශ තරගය හෙට

ශ්‍රී ලංකාව වෙතින් සමාරම්භක තරගයේදී පරාජයට පත්වූ ඉන්දීය පිලට බංග්ලාදේශය සමග හෙට පැවැත්වෙන දෙවන නිදහස් කුසලාන තරගයද අභියෝගයක් වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
ශකිබ් අල් හසන් තුවාල ලැබීම නිසා මහමදුල්ලා බංග්ලාදේශ පිල මෙහෙයවන අතර, රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් පළපුරුද්දෙන් අඩු ඉන්දීය පිලට මෙම තරගයෙන් ජය ලැබීම තරගාවලියේ ඉදිරියට යාම සඳහා වැදගත් වනු ඇති.
බංග්ලාදේශයේදී ශ්‍රී ලංකාව වෙතින් ටෙස්ට්, තුන්කොන් එක්දින තරගාවලියේදී මෙන්ම විස්සයි විස්ස තරගාවලියේදී පරාජය ලැබූ බංග්ලාදේශ පිලේ මුල්පෙළ පිතිකරු තමීම් ඉක්බාල් කියා සිටියේ තම කණ්ඩායම සුපුරුදු දස්කම් අතරට පිවිසීමට උත්සාහ කරන බවයි.