Gossips

ඉන්දියා – ඇෆ්ගන් තරඟය ජය පැරදුමෙන් තොරව නිම වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර ඊයේ පැවති තරඟය ජය පරාජයකින් තොරව අවසන් වුණා.
පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දු වාර 50 අවසනයේදී කඩුලූ 8ක් දැවී ලකුණු 252ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දු වාර 49යි පන්දු 5කදී සියළු දෙනා දැවී ලකුණු 252ක් රැස් කළා.
ඒ අනුවයි එම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණේ. කෙසේ වෙතත්, සිකුරාදා පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරඟයට ඉන්දියාව සුදුසුකම් ලබා අවසන්.
අවසන් තරඟයේ ඉන්දීය පිලේ පිළිමලූන් තීරණය කෙරෙන්නේ පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන තරගයෙන්.