Gossips

ඉන්දියාව 31/6 යි

නවසීලන්තය සමඟ මවුන්ට මංගනුයි හි පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන ඉන්දීය කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දු වාර 6 ක් අවසානයේ ලකුණු 31ක් ලබා සිටියා.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පන්දු වාර 49 ක් තුළදී සියලූ ක්‍රීඩකයින් දැවී ඔවුන්ට රැස් කරගත හැකිවූයේ ලකුණු 243 ක් පමණයි.
එහිදී රොස් ටේලර් ලකුණු 93 ක් ලබා අතර, ටොම් ලැතම් ලකුණු 51 ක් රැස් කරගත්තා.
තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකම ජයගෙන ඉදිරියෙන් පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි.