Gossips

ඉන්දියාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟය අද තීරණාත්මක අදියරකට

සංචාරක ඉන්දීය පිළ සහ එංගලන්තය අතර, පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය තීරණාත්මක අදියරකට පැමිණ තිබෙනවා.
මෙම තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 287ක් රැස් කළ එංගලන්තය, දෙවන ඉනිමේදී ලකුණු 180කට දැවී ගියා.
විරාට් කෝලි, ලබා ගත් ලකුණු 149 සමඟ පළමු ඉනිමේදී ලකුණු 274ක් රැස් කළ ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ලැබී ඇත්තේ ලකුණු 194ක ඉලක්කයක්.
එම ඉලක්කය හඹා යන ඉන්දියාව තරඟයේ තුන් වන දිනය අවසානයේදී දෙවන ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 110ක් රැස් කරගෙන සිටියා.
විරාට් කෝලි නොදැවී ලකුණු 43යි.