Gossips

ඉන්දියාව, රුසියානු මිසයිල ආරක්ෂණ පද්ධති මිලදී ගනී

ලොව නවීනතම මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලෙස සැලකෙන එස්. 400 වර්ගයේ රුසියානු මිසයිල පද්ධති මිලදී ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට සංචාරයක නිරත වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ අත්සන් තැබුවා.
එකවර ඉලක්ක 36කට මිසයිල 72ක් එල්ල කළ හැකි එස් 400 වර්ගයේ පද්ධති මීට පෙර රුසියාව අලෙවි කර ඇත්තේ චීනයට පමණයි.
ඉන්දියාව එලෙස මිලදී ගන්නා රුසියානු මිසයිල පද්ධතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5කට අධිකයි.
එම ගනුදෙනුවට මුලින් විරෝධය පළ කළ ඇමරිකා එක්සත් ජනපදය පසුව කියා සිටියේ තම මිතුරු රටවල ආරක්ෂාව තර කිරීමට එරෙහි නොවන බවයි.