Gossips

ඉන්දියාව යුද මානසිකත්වයෙන් පෙළෙන බවට පාකිස්ථානයෙන් චෝදනා

පාකිස්ථානයට අයත් F16 වර්ගයේ ප්‍රහාරක යානයක් බිම හෙලූ බවට ඉන්දියාව කරන ප්‍රකාශය යුද මානසිකත්වයෙන් යුතුව සිදුකරන ලද්දක් බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.
නරේන්ද්‍ර මෝදි රජය විසින් එම ප්‍රකාශය සිදුකළද පාකිස්ථානයට අයත් එෆ්. 16 ප්‍රහාරක යානා සියල්ල එලෙසින්ම පවතින බවයි ඇමරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.
පාකිස්ථානයට එෆ්. 16 ප්‍රහාරක යානා සපයන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.
ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායකයන් පාකිස්ථාන භීතිකාවක් මවාපෑමට උත්සාහ කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වැඩිදුරටත් සඳහන් කළා.