Gossips

ඉන්දියාව මිලියන 4කට පුරවැසිභාවය අහිමි කරයි

ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මිලියන 4කට අධික ජන කොටසකට ඉන්දීය රජය විසින් පුරවැසිභාවය අවලංගු කර තිබෙනවා.
ඒ, ජාතික පුරවැසි ලේඛනය අද ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.
ඒ අනුව 1971 වසරේ මාර්තු 24 වන දා එනම්, බංග්ලාදේශය නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කළ දිනට පෙර, ප්‍රාන්තයට පැමිණි බව ඔප්පු කිරීමට නොහැකි වූ සියල්ලන්ට පුරවැසිභාවය අහිමි වනවා.
එහෙත් පරම්පරා ගණනක් ඇසෑමයේ විසූ තමන්ට යාමට වෙනත් රටක් නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.
ඇසෑමයේ, බංග්ලාදේශ මුස්ලිම් සරණාගතයන් පිටුවහල් කිරීමට කටයුතු කරන බවට වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2014 වසරේදී ප්‍රකාශ කර තිබුණා.