Gossips

ඉන්දියාව පෙරමුණේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ රාජ්කොට් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන අද පෙරමුණට පැමිණීමට ඉන්දියාව සමත් වුණා.
ඉන්දීය පිළ සිය මුල් ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 649ට පිළිතුරු ලෙස කොදෙව් පිළ සියළු ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ ලකුණු 181ක් පමණයි.
ඒ අනුව කොදෙව් පිළට නැවතත් පන්දුවට පහරදීමට සිදුවූ අතර, අද දිවා භෝජනය සඳහා තරඟය නතර කරන විට ඔවුන් සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 33ක් ලබා සිටියා.
එහෙත් ඔවුන් තවමත් සිටින්නේ ඉන්දියාවට වඩා ලකුණු 435ක් පිටුපසින්.