Gossips

ඉන්දියාව පෙරමුණට

විදේශයන් හි සේවය කරන ශ්‍රමිකයන් විසින් සිය රට වෙත එවනු ලබන මුදල් ප්‍රමාණය අතින් ඉන්දියාව පෙරමුණ ගන්නා බව ලෝක බැංකු වාර්තාවකින් හෙළිවී තිබෙනවා.
එමඟින් පෙන්වා දෙන්නේ මේ වසරේදී විදේශගත ඉන්දියානුවන් සිය රටට ප්‍රේෂණය කළ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 80 ඉක්මවනු ඇති බවයි.
ඩොලර් බිලියන 67 ක් සිය රට වෙත එවූ චීනය දෙවන තැන ගන්නා අතර, ඩොලර් බිලියන 34 බැගින් සිය රටට එවූ මෙක්සිකෝව සහ පිලිපීන විගාමිකයන් තුන්වන සහ හතරවන ස්ථාන හිමිකරගෙන තිබෙනවා.
පස්වන ස්ථානයේ සිටින ඊජිප්තු වාසීන් විදේශයන් හි සිට සිය රටට ප්‍රේෂණය කළ මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 26 ක් වන අතර, පාකිස්ථානය මුල් ස්ථාන 10 අතරට පැමිණ ඇත්තේ ඩොලර් බිලියන 19 ක විදේශ විිනිමය විගාමිකයන් වෙතින් හිමිකරගනිමින්.
ලෝක බැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වසරේදී දකුණු ආසියාතිකයන් සිය රටවල් වෙත ප්‍රේෂණය කළ විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 132 දක්වා සියයට 13.5 කින් ඉහළ ගොස් ඇති බවයි.