එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව නිව්යෝක් නුවර දී ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු – පාකිස්තාන විදේශ අමාත්‍ය හමුව අවලංගු කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.
ඒ, කාශ්මීරයේ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුවයි.
දේශසීමාව ආසන්නයේ සිදුවන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ඉන්දියාව, පාකිස්තානයට ඍජුවම චෝදනා කරනු ලබනවා.
ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ පාකිස්තානයේ නව අගමැති ඉම්රාන් ඛාන්ගේ සැබෑ ප්‍රතිරූපය දැන් හෙළිවෙමින් පවතින බවයි.
