Gossips

ඉන්දියාව ප්‍රහාරක සබ්මැරීනයක් බද්දට ගනී

ඇමරිකානු ඩොලර් බිලියන 3ක් වටිනා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ප්‍රහාරක සබ්මැරීනයක් රුසියාවෙන් බද්දට ගැනීම සඳහා ඉන්දියාව ඊයේ ගිවිසුමකට එළඹුණා.
ඉන්දීය නාවික හමුදාව සඳහා වසර 10ක කාලයකට එම සබ්මැරීනය ලබා ගන්නා බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
එම නව ප්‍රහාරක සබ්මැරීනය 2025 වසරේදී ඉන්දීය නාවික හමුදාවට එක්වනු ඇත්තේ චක්‍රා 3 යන නමින්.
දැනටමත් ඉන්දීය නාවික හමුදාව රුසියාවෙන් සබ්මැරීන දෙකක් බද්දට ලබාගෙන තිබෙනවා.
මෙම ගිවිසුමට ඉන්දියාව එළඹුණේ ඉන්දු – රුසියානු ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ඒ. කේ 203 ප්‍රහාරක රයිෆල් නිපදවීමේ කම්හලක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය මෝදි විසින් විවෘත කර දින කිහිපයක් ගතවීමට පෙරයි.