Gossips

ඉන්දියාව පරදවා ආසියානු නැගීඑන කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකාවට

ආසියානු ක්‍රිකට් සම්මේලනය සංවිධාන කළ නැගී එන කණ්ඩායම් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.
ඒ අවසන් මහ තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 3 කින් පරාජය කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 270 ක් රැස් කළා. හ
සිත බෝයගොඩ සහ කමිඳු මෙන්ඩිස් එහිදී අර්ධ ශතක ලබාගත්තා.
ලකුණු 271 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 267 ක් පමණයි.