දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ නිවසේ සිටි ඉන්දීය ජාතිකයා රෝ ඔත්තුකරුවෙකු බවට සිදුකරන චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් ඒ පිටුපස රෝ ඔත්තු සේවය සිටින බව පැහැදිලි වන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
