අභ්‍යාවකාශයේ රැදවූ චන්ද්‍රිකාවක් මිසයිල ප්‍රහාරයකින් විනාශ කරමින් ඉන්දියාව ඊයේ සිදුකළ අත්හදා බැලීම ඇමරිකානු අභ්‍යාවකාශ විද්‍යාඥයන්ගේ විවේචනයට ලක්වී තිබෙනවා.
එමගින් අභ්‍යාවකාශයේ අපද්‍රව්‍ය එක්රැස්වීම ඉහළ යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අභ්‍යාවකාශයේ චන්ද්‍රිකාවලට හානි කර ක්‍රියාකාරකම් සිදුනොකිරීමට එකඟත්වයක් පැවතුණ ද ඉන්දියාව සඳහන් කළේ හානිය අවම කිරීම සඳහා තමන් පියවර ගත් බවයි.
ඉන්දියාව මෙලෙස චන්ද්‍රිකාවක් මිසයිල ප්‍රහාරයකින් විනාශ කර අත්හදා බලා ඇත්තේ චීනයෙන් හෝ පාකිස්තානයෙන් එල්ල විය හැකි තර්ජනයකට මුහුණදීමට බව සඳහන්.