ඉන්දියාව මිසයිල යොදාගනිමින් චන්ද්‍රිකා විනාශ කිරීම සම්බන්ධයෙන් පාකිස්ථානයේ අවධානය යොමුව තිබෙනවා.
එරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාකිස්ථානය දැඩි විමසිල්ලෙන් පසුවන බවයි.
පසුගිය 27 වනදා ඉන්දීය ආරක්ෂක අංශ විසින් මිසයිලයක් යොදාගනිමින් චන්ද්‍රිකාවක් විනාශ කළා.
ඉන්දියාවේ මෙම ක්‍රියාකලාපය ගෝලීය සාමයට සහ අභ්‍යවකාශ තාක්ෂනික කටයුතුවලට දීර්ඝ ලෙස බලපෑම් එල්ල කරන බවයි පාකිස්ථානය ප්‍රකාශ කර ඇත්තේ.
