Gossips

ඉන්දියාව උඩුගුවනට යැවූ චන්ද්‍රිකාවක් අතුරුදන්

ජංගම දුරකථන සන්නිවේදනය සඳහා ඉන්දියාව විසින් බ්‍රහස්පතින්දා උඩුගුවනට යැවූ ජී.සැට් 6 ඒ, චන්ද්‍රිකාව අතුරුදන්වී තිබෙනවා.
චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අවසන් අදියරයේදී එය සමඟ සබඳතා මෙලෙස නතරවූ බවයි ඉන්දීය අභ්‍යවකාශ ආයතනය සඳහන් කළේ.
කෙසේ නමුත් ටොන් 2066 ක් බරැති චන්ද්‍රිකාව සමඟ සන්නිවේදන සබඳතා යළි ඇති කරගැනීම සඳහා උත්සාහයක නිරතවන බවත් එමඟින් කියා සිටියා.
මෙම චන්ද්‍රිකාව සඳහා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය වැයකර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 270 ක්.
ඉන්දියාවේ අභ්‍යවකාශ මෙහෙයුමක් අවසන් වරට අසාර්ථක වූයේ 2017 වසරේ අගෝස්තු 31 වනදා චන්ද්‍රිකා උඩු ගුවන් ගතකිරීමක් නිසි පරිදි සිදුනොවීමෙන්.