Gossips

ඉන්දියාව ඉන්ධන මිල අඩු කරයි

මිල සූත්‍රයක් අනුව ඉන්ධන මිල විචලනය වන ඉන්දියාවේ පෙට්‍රල් සහ ඞීසල් මිල රුපියල් 2 යි 50 කින් අඩු කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.
එහිදී රජය මගින් බදු ලීටරයකට රුපියල් 1 යි 50 බැගින් අඩු කර ඇති අතර, ඉන්ධන අලෙවි සමාගම් රුපියලක් අඩු කළ යුතුයි.
ජනතාවට සහනයක් සැලසීම සදහා මෙලෙස ඉන්ධන මිල අඩු කළ බවයි ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජෙයිට්ලි සදහන් කළේ.
ලෝක වෙළදපොලේ ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම ඉරානයට පැනවුණු සම්බාධක හේතුවෙන් ඉන්දියාවේ ඉන්ධන මිල ද මේ වනවිට වාර්තා ගත අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.
දිල්ලි අගනුවර පෙට්‍රල් ලීටරයක මිල මේ වනවිට රුපියල් 84 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඞීසල් මීටරයක මිල රුපියල් 75 ඉක්මවා ඇති බව සදහන්.
ජනතාවට ලබාදුන් සහනය දෙගුණ කිරීම සදහා ඉන්ධන ලීටරයක් සදහා තවත් රුපියල් 2 යි 50 ක් අඩු කරන ලෙස ඉන්දීය මධ්‍යම රජය එරට ප්‍රාන්ත රජයන් වෙත දැනුම්දී තිබෙනවා.
ඒ අනුව ඊට එකගවූ ප්‍රාන්ත 10 ක ඉන්ධන මිල ලීටරයකට රුපියල් 5කින් පහත වැටෙනු ඇති.