Gossips

ඉන්දියාවේ හිටපු ආරක්ෂක ඇමති ජෝර්ජ් ෆර්නැන්ඩස් මියයයි

අතල් බිහාරි වජ්පායි රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජෝර්ජ් ෆර්නැන්ඩස් වයස අවුරුදු 88 ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා.
ජනතා දාල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ ඔහු ඉන්දියානු වාමාංශික දේශපාලනයේ සටන්කාමියෙකු ලෙස ද ප්‍රකටයි.
1967 වසරේ මුම්බායි පුරවරයෙන් කොංග්‍රස් නායකයෙකු පරදවා දේශපාලන කරලියට පිවිසි ඔහු ඉන්දිරා ගාන්ධි රජය 1975 වසරේ හදිසි නීතිය පැනවීමත් සමඟ සීක් ජාතිකයෙකු ලෙස වෙස් වලාගෙන සැඟව සිටියා.
පසුව අත්අඩංගුවට ගැනුණු ඔහු 1977 වසරේ මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළේ සිරභාරයේ සිටියදීයි.
ප්‍රමුඛ පෙලේ ඇමරිකානු බහු ජාතික සමාගම් 3 ක් ඉන්දියාවෙන් පිටමං කිරීමට මුල් වූ ජෝර්ජ් ෆර්නැන්ඩස් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ඉන්දියාව න්‍යෂ්ටික පිපිරවීමක් ද සිදුකළ අතර, 1999 වසරේ කාගිල් යුද්ධය සිදුවූයේ ද ඔහුගේ අධීක්ෂණය යටතේයි.