Gossips

ඉන්දියාවේ හිටපු අගමැති වජ්පායි රෝහල් ගත කෙරේ

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වජ්පායි වකුගඩු ආබාධයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.
ඔහුගේ තත්ත්වය බරපතල වන අතර, මේ වනවිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
93 වන වියේ පසුවන අතල් බිහාරි වජ්පායි ඉන්දියාවේ දසවන අග්‍රාමාත්‍යවරයායි.